මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් දැනට සිර දඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණ.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ පොලිස් කොට්ඨාශය කියා සිටියේ පරීක්ෂණ අවසන් කොට වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව පැමිණිල්ල අගෝස්තු මස 05 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියම කළා.
ඉකුත් 2017 වසරේ පොළොන්නරුව ප්‍රදේශයේ දී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක අදහස් ප්‍රකාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.