ජපන් යන්න මනුෂගේ නම විකුණා මාට්ටු

පෙබ 25, 2019

    මනුෂ නානායක්කාර මහතා මාර්ගයෙන් ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමේ ජාවාරමක යෙදුණ සැකකරුවෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකි බවත් ඒ සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බවත් පවසමින් මොහු විදෙස් රැකියා ජාවාරමේ යෙදී ඇත. ඒ අනුව එක් තරුණයෙක්ගෙන් රුපියල් ලක්ෂ දෙකක් ලබාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලීසියේ උපායධූතයින් යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.කිසිදු අවස්ථාවකදී විදේශ රැකියාවක් ලබාගැනීම සදහා තැරැව්කරුවන්ට මුදල් ලබාදීමට අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර “රජය මගින් වැඩි ආදායම් ලබාගත හැකි විදේශ රැකියා අවස්ථාවන් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජපානයේ නව රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ජපානයේ රැකියා අවස්ථාවන් ලබාදෙන්නේ නොමිලේ. ඒ සදහා කිසිදු අයෙක්ට මුදල් ලබාදිය යුතු නැහැ යැයි“ ඔහු කියා සිටි.

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 13:48

    Latest News