තවත් එවැනි සිද්ධියක් අනුරාධපුරය, කෝන්වැව ප්රදේශයෙන් වාර්තා වූ බව, අප වාර්තාකරු පවසයි. තන්තිරිමලේ, කොන්වැව ප්රදේශයේ දී අඩි දෙකක් පමණ උස අද්භූත මිනිසෙකු දුටු බව, ගම්වාසීන් පවසන බවයි, අප වාර්තාකරු පවසන්නේ. ඊයේ අලුයම 5.30ට පමණ නිවසක කාන්තාවක් එම පුද්ගලයා දැක ඇත්තේ තම මවගේ නිවසේ සිට බැහැරට යාමට සූදානම් වූ අවස්ථාවේදී. නිවස යාබද කාමරයක සිට කුරු මිනිසෙකු ඇයගේ අතින් අල්ලා ඇද තිබේ.
එයින් බියට පත්ව කෑගසන විට, එම පුද්ගලයා නිවසින් පැන අසළ කැළයට පළා ගොස් ඇති බවයි, පැවසෙන්නේ. පසුව, ගම්වාසීන් එක්වී එම තැනැත්තා සෙවීමේ නිරත වෙමින් සිටින අතරතුර, ඔහු පඳුරක් තුළ සිට පැන දුවන අයුරු දුටු බව, ගම්වාසීන් පවසයි. මේ පිළිබඳ තන්තිරිමලය හා විලච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වන බවයි, අප වාර්තාකරු පවසන්නේ.