දේශීය මත්පැන් සඳහා නව ලේබලයක්

දෙසැ 31, 2021

    දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් සඳහා ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරනවා.

    ඒ අනුව 2022 ජනවාරි තුන්වන දින සිට මෙරට නිෂ්පාදිත සෑම මත්පැන් බෝතලයක් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    එසේ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් වෙළඳපලට පැමිණීමට පෙර වෙළඳපලේ ඇති අංක රහිත මත්පැන් තොග අවසන් වීමට නියමිත බවත් ඒ සඳහා මාස 3ක කාලයක් ලබාදෙන බවත් 2022 අප්‍රේල් පළවෙනි දින වන විට දිවයින පුරා සමස්ත වෙළඳපොලේ අලෙවි වන සියලුම මත්පැන් තොග මත මෙම ආරක්ෂිත ස්ටිකරය තිබෙනු ඇති බවට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.

    නීති විරෝධී මත්පැන් වර්ග දේශීය මත්පැන් වෙළඳපලට ඇතුළත් වීම වැළැක්වීම සඳහාත්, නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන සියලුම දේශීය හා විදේශීය මත්පැන් මත අයවිය යුතු අදාළ බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට අය වීම සඳහා ආරක්ෂිත මුද්‍රා ක්‍රමය හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව මෙලෙස කටයුතු කර ඇත.

    ඔහු වැඩිදුරටත් කියා සිටියා එමෙන් ම නිවැරදි ව අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවත් දැනට වසරකට රුපියල් බිලියන 140ක ආදායමක් රජයට ලැබෙන බවත් එම මුදල වැඩි කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා

    Latest News