නව බස්රථ 500ක් ඉන්දියාවෙන් ගෙන්වීමට අනුමැතිය

ජන 04, 2022

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට බස්රථ මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ප්‍රදානය කිරීම සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්. 

    ආසන තිස් දෙකේ නව බස්රථ 500ක් මිලදී ගැනීමට නියමිතයි. ඒ සඳහා වන අනුමැතිය 2020 ජනවාරි මස 8 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හිමිවිය.

    පූර්ණ සුදුසුකම් සපුරන ලද ආයතන තුනකින් මේ සඳහා ලන්සු කැඳවා තිබූ අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ප්‍රසසම්පාදනය සඳහා අනුමැතිය හිමිවිය.

    Latest News