පාසල් අධ්‍යාපන කටයුතු සඳුදා සිට සමාන්‍ය පරිදි

ජන 05, 2022

    රට නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමග එළැඹෙන සඳුදා (10) සිට පාසැල් ද සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යමින් සියලුම සිසුන් එකවර පාසල් කරා පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

    මීට පෙර කොටස් වශයෙන් පාසල් කරා ළමුන් පැමිණි අතර ඒ අනූව එළැඹෙන සඳුදා සිට සාමාන්‍ය පරිදි ළමුන්ගේ පැමිණීම සිදුවනු ඇති.

    අද (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

    "වර්තමානයේ එන්නත්කරණය හරහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. රට සාමාන්‍යකරණ වැඩපිළිවෙලේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත් වැදගත්. ගුරු භවතුන්ගේ සිට සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයම නියෝජනය වන පරිදි මේ අනූව එන්නත ලබාදීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සූදානම් කර තිබේ.
    මේ වන විට එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධව අභියෝග රැසක් ජයගෙන තිබෙනවා. එය ඉදිරියට ගෙනගොස් අංග සම්පූර්ණ ආවරණයක් ලබාගැනීමට මෙම වැඩපිළිවෙලට සම්බන්ධ වී සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න."

    Last modified on බදාදා, 05 ජනවාරි 2022 14:59

    Latest News