අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25/= ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය.
මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවා ඇති බවද සඳහන් කළේය. ඒ අනුව මේ වසරේ ද හානි සඳහා වන්දි ගෙවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.