සත්ව සුබසාධන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජන 11, 2022

    මෙරට සත්ව සුබසාධනය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට ඊයේ (10) රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

    ගොවිපලවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙයි.

    “ මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවයි. එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් පමණයි. මේ නිසා මේ පනත සංශෝධනය කරන්න අපි පියවර ගත්තා. ⁣ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙම යෝජිත පනත ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අනුමැතිය ලබා ගන්න අපේක්ෂා කරනවා.

    නව පනත අනුව සත්ව හිංසනයට රුපියල් 1,25000ක උපරිම දඬයක් හා වසර තුනකට නොඅඩු සිර දඬුවමක් ලබාදිය හැකි” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම නව සත්ව සුබසාධන පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියෙකු යටතේ වෙනම අංශයක් ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා කළේය.

    Latest News