බොරතෙල් බැරලයක මිල වසර 07 කට පසු ඉහළම අගයක...

ජන 18, 2022

    ගල්ෆ් කලාපයේ බොරතෙල් බැරලයක මිල වසර 07 කට පසු ඉහළම අගය වාර්තා කළ බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුවයි. මෙම වැඩිවීමට ඍජුව බලපා ඇත්තේ පසුගියදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට, හවුති කැරලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බවයි,  වාර්තා වන්නේ. ප්‍රහාරය එල්ලවූයේ පෞද්ගලික සමාගමකට අයත් ඉන්ධන ට්‍රක් රථ 03 කට හා අබුඩාබි ගුවන් තොටුපොලට යාබද ඉන්ධන ගබඩාවකටයි.

    එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තෙල් සමාගම පවසන්නේ, ඉන්ධන රථ හා ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්ධන සැපයුමට සැලකිය යුතු බාධාවක් එල්ල වූ බවයි. එහෙත් පාරිභෝගිකයන්ට හා විදෙස් රාජ්‍යයන්ට නොනවත්වා ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරමි්න සිටින බවයි සමාගම පවසන්නේ.

    Latest News