දෙවන දිනටත්, දෛනික කොවිඩ් රෝගීන් 800 ඉක්මවයි (වීඩියෝ)

ජන 20, 2022
  • දෙවන දිනටත්, කොවිඩ් 19 වැළඳුණු දෛනික රෝගීන් ප්‍රමාණය 800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

    අද වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව 827 ක් බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින්,  රෝග ව්‍යාප්තිය පාලනය සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ බූස්ටර් මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 827 දෙනෙකු අද (20) මෙරටින් හඳුනා ගැනුණා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 15,279 ක්. 192 දෙනෙකු අද සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස 568,829 ක්.

    Latest News