ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කෙරේ...

ජන 27, 2022

    ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කරන බව, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

    කොළඹ ඊයේ පැවති “ගාලු වරාය සංවර්ධන ආයෝජන සමුළුව“ අමතමින් ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. ස්වාභාවික වරායක් වන ගාලු වරාය, ගාලු කොටුව සහ ගාලු පුරවරය දෙස්-විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ප්‍රදේශයක්. එය තවදුරටත් සංවර්ධනය කරමින්, සංචාරක ආකර්ශනය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

    ඒ යටතේ කොළඹ වරාය නගරය හා සමානව ගාලු වරායේද නව දියකඩනයක් ඉදි කිරීමට නියමිතයි. එමගින් මෙරටට හෙක්ටයාර 40ක ගොඩබිම් භූමියක් හිමිවනවා. එහි සාප්පු සංකීර්ණ, හෝටල්, අවන්හල්, නිවාස සංකීර්ණ, සතුටු උයන් ආදිය ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එම භූමියේ ආයෝජනයට කැමති දෙස්-විදෙස් ආයෝජකයන්ට එම අවස්ථා හිමිවනවා. මෙම ආයෝජන සමුළුව කැඳවා තිබුණේ, ඔවුන්ට වරාය නව ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්.

    Latest News