පළාත් 06ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම අද (03)

පෙබ 03, 2022

    පළාත් 06ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 250කි. හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගොවීන් දිරිමත් කිරීම හා ඵලදායීතාව ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක “දේශගුණික සුහුරු වාරි කෘෂි ව්‍යාපෘතිය” යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මෙම යන්ත්‍රෝපකරණ බෙදා දෙනු ලැබේ.
    අස්වනු නෙළීමේ යන්ත්‍ර, වල් නෙළීමේ යන්ත්‍ර, ගොයම් කැපීමේ යන්ත්‍ර, බීජ තවාන් යන්ත්‍ර, අශ්ව බල 45 ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍රෝපකරණ වර්ග 7ක් මීට ඇතුළත්ය. උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වලට අයත් දිස්ත්‍රික්ක 11ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47කට මෙම යන්ත්‍රෝපකරණ ලබාදීමට සැලසුම් කර ඇත. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක යන මහත්වරු සහ ගොවි සංවිධාන නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News