ඉන්දීය ධීවරයින් 11ක් නාවික හමුදා අත්අඩංගුවට

පෙබ 08, 2022

    යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් දී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙක් හා ට්‍රෝලර් යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    මොවුන් නීති විරෝධී bottom trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි බවයි, නාවික හමුදාව පවසන්නේ.

    නිතීවිරෝධී ධීවර කටයුතු නිසා දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින් නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි.

    Latest News