වගා හානිවලට වන්දි ගෙවීම ඇරඹේ....(වීඩියෝ)

පෙබ 08, 2022
  • 2020 / 2021 මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන් 40,000 කට ආසන්න පිරිසක් අතර රුපියල් කෝටි 128 ක මුදලක් බෙදාදීමට නියමිතයි.

    නැගෙනහිර පළාත් තුළ වන්දි ගෙවීම් අද ආරම්භ කෙරුණා. ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වී, බඩ ඉරිඟු, සෝයා, අමු මිරිස්, ලොකු ලූණු, අර්තාපල් යන බෝග වර්ග 06 සඳහා ස්වාභාවික හේතු මත සහ වන අලින් විසින් විනාශ කිරීමෙන් සිදුවන හානි සඳහා රක්ෂණ වාරිකයක් අයකිරීමකින් තොරව වන්දි ලබාදීමේ වැඩපිලිවෙලක් රජය මගින් ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 19:18

    Latest News