මාධ්‍යවේදි චමුදිතගේ නිවසට ප්‍රහාරයක් (වීඩියෝ)

පෙබ 14, 2022
  • මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල, වෑවල ප්‍රදේශයේ පිහිටි නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ‍පිළියන්දල පොලීසිය පවසයි.

    අද අලුයම 2.00ට පමණ කුඩා වෑන් රථයකින් පැමිණි මුහුණ වසා ගත් පිරිසක් නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව අසළ දී ආරක්ෂිත නිලධාරියාට ගිනි අවි පෙන්වා තර්ජනය කර තිබේ.

    අනතුරුව එක් අයෙක් ආරක්ෂක නිලධාරිය අසළ රැඳී සිටිය දී තිදෙනෙකු නිවස වෙත පා ගමනින් ගොස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි,පොලිසිය පවසන්නේ.
    ගල් ප්‍රහාරය එල්ල වන ශබ්දය ඇසුණු විට තමා පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කළ බව චමුදිත සමරවික්‍රම පවසයි.

    මෙය කළින් සැලසුම් කළ ප්‍රහාරයක් බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ. පිළියන්දල පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 14 පෙබරවාරි 2022 12:28

    Latest News