විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සදහන් කළේ මෙතෙක් අයදුම්කර නොමැති සිසුන්ට අද දිනයේ අයදුම් කිරිමේ හැකියාව පවතින බවයි.
මාර්ගගත (Online) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට (www.doenets.lk) හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම යෙදවුම (Mobile App ‘Exams Sri Lanka’) පිවිස අදාළ අයදුම් පත්‍රය යොමු කළ හැකියි.
විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.
අයදුම්පත්‍රය සම්පූර්ණ කළ පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීමට තමන් භාරයේ තබා ගත යුතුයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 දින සිට ජූනි 01 දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
ඒ සම්බන්ධව මීට පෙර නිකුත් කළ නිවේදනය පහතින්...