ඒ අනුව රෝහල් තුලදී හෝ ඉන් පිටත සිදුවන පුද්ගල මරණ සම්බන්ධයෙන් මේ දක්වා පැවති අනිවාර්ය PCR පරීක්ෂණ ක්‍රමවේදය ඉවත් කර ඇත.
නව මාර්ගෝපදේශ මාලාවට අනූව, පුද්ගල මරණයකදී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අභිමතය අනුව පමණක් PCR පරීක්ෂණය සිදුකළ හැකියි.
එහිදී මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත්, ඔහුගේ අවසන් කටයුතු දැනට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකළ යුතු බවත් නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙයි.