උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගාල්ල, කොට්ටව ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය වෙත ඊයේ (17) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ නාහිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.