බස්නාහිර පළාතේ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති අතර,
කඩුවෙල,කැස්බෑව,මීගමුව,කළුතර,වාද්දූව,චාවකච්චේරි,කරවෙඩ්ඩි,ත්‍රිකුණාමලය,ආරච්චිකට්ටුව,හලාවත,බදුල්ල,ඇලපාත සහ රත්නපුර යන ප්‍රදේශ අධි අවදානම් කලාප ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර මීරිගම,රාගම හා ගඟවටකෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පැවති අධි අවදානම් තත්වය පහත බැස ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.
ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී ඇත්තේ කොළඹ,ගම්පහ,කළුතර යන දිස්ත්‍රික්කවලින්. තද උණ, හිසරදය, වමනය ඇතුළු රෝග ලක්ෂණ තිබේ නම් ඉතා ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි වසංගත රෝග විද්‍යාංශය දැනුම් දෙන්නේ.