රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස බී.විජයරත්න ධුරයේ වැඩ බාරගනී

පෙබ 22, 2022

    ආචාර්ය බී.විජයරත්න මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ අද වැඩ බාර ගත්තේය. මේ නිමිත්තෙන් උත්සවයක් අද උදේ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්විණ.

    ඊට සභාපති සොනාල ගුණවර්ධන මහතා ඇතුළු සංස්ථා නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියේය. බී විජයරත්න මහතා, උඩුතුත්තිරිපිටිය කනිෂ්ඨ මිශ්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර යක්කල - අනුර මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා තිබේ. අනතුරුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිය ලබා ගත්තේය.

    එම විශ්වවිද්‍යාලයෙන්ම රාජ්‍ය පරිපාලනාපති ශාස්ත්‍රපති උපාධිය ලබාගත් විජයරත්න මහතා, අමෙරිකා එක්සත් ජනපදයේ හොනලලු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පත්වීම ලෙස පදවිය බල ප්‍රදේශයේ ආණ්ඩුවේ සහකාර ඒජන්ත ලෙස පත්වීම් ලද ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙසද සේවය කළේය.

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්,යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු ද ඔහු විසින් හොඹවනු ලැබීය.

    ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සහ සමාජ සුබ සාධක මණ්ඩලය යන ආයතනවල සභාපති ධුරවල ද ඔහු ක්‍රියා කොට තිබේ. බී විජයරත්න මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ හා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ආයතනයේ හා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද ක්‍රියා කරයි.

    Latest News