විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි....

මාර් 03, 2022

    විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි. 

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය හමු වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ජිනීවා හි පැලේ ඩෙ නෂියොන් හි පිහිටි කාර්යාලයේ දී එතුමිය සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය.  

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා යනාදීහු ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Latest News