ඇල්ලවල, දිය ඇල්ල සංචාරකයින්ට අද (03) සිට තහනම් (වීඩියෝ)

මාර් 03, 2022
  • වැල්ලවාය ඇල්ලවල, දිය ඇල්ල සංචාරකයින්ට අද (03) සිට තහනම් කලාපයක් බවට පත් කර තිබෙනවා.

    ඒ අනුව, දිය ඇල්ල ප්‍රදේශයට ඇතුළුවීම හෝ එහි දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම්. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා සඳහන් කළේ, එය නැවත දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බවයි. ඉකුත් මාස කිහිපය තුළ ඇල්ලවල දියඇල්ල නැරඹීමට හා එහි නෑමට ගිය 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

    එහි ආසන්නතම සිදුවීම, පසුගියදා විශ්වවිද්‍යාල සිසුවෙකු සහ උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුවෙකු මියයාමයි. මේ තත්වය සැලකිල්ලට ගෙන,  වැල්ලවාය පරිසර කමිටුව, ඇල්ලවල දියඇල්ල කලාපය අද සිට වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ, මෙම කලාපය සංචාරකයන්ට යලි විවෘත කෙරෙන්නේ, නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් අනතුරුව බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 මාර්තු 2022 18:56

    Latest News