දිවයිනට වැසි රහිත කාලගුණක්...

මාර් 06, 2022

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. 

    නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් බවට දුර්වලවී මාර්තු මස 05 වන දින ප.ව. 11.30 වට විට, ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මි. 320 ක් ඊසාන දෙසින් (11.5N, 82.4E) ස්ථානගතව පැවති අතර,  මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ නිරිත දෙසට, උතුරු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරමින් ක්‍රමයෙන් අඩු පීඩන කලාපයක් බවට දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව උතුරු පළාතේ විටින් විට වැසි ඇතිවේ, උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව සහ දකුණු පළාත්වලත් රත්නපුරය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇත. උතුරු පළාතේ සුළගේ වේගය විටින් විට පැ.කි.මි. 40 දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    Last modified on ඉරිදා, 06 මාර්තු 2022 11:27

    Latest News