දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස වැසි

සැප් 28, 2024

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (28) දිනයේදී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවයි නිවේදනයේ සඳහන් වන්නේ. දකුණු පළාතේත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News