සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කෙරේ

මාර් 27, 2022

    නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) වෙත සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම හා සබැඳි උපකරණ (MDA Equipment) නිළ වශයෙන් ලබා දීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි (Mizukoshi Hideaki) මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    නාවික හමුදා මුලස්ථානයේදී එය සිදු කෙරුණු අතර, එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ද සහභාගී විය.

    ශ්‍රී ලංකාව, කිලෝමීටර 1340ක දුර ප්‍රමාණයකින් යුත් වෙරළ තීරයකට සහ වර්ග කිලෝ මිටර් 510,000 ක අනන්‍ය ආර්ථික කලාපයකට හිමිකම් කියනු ලබන අතර, මෙම වෙරළ තීරයේ සහ අනන්‍ය ආර්ථික කළාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම ගොඩබිම මෙන් 27 ගුණයක් විශාල සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කළාපය සඳහා ද ශ්‍රී ලංකාව වගකියනු ලබයි.

    එසේම ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ආසන්න ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගය ඔස්සේ වෙළඳ නෞකා විශාල ප්‍රමාණයක් යාත්‍රා කරන බැවින්, එම මුහුදු කළාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද දූපත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී වගකිමක් පැවරී ඇත.

    Latest News