ඉන්දියානු නාවික හමුදාවේ “ශර්දා” කොළඹට

මාර් 27, 2022

    ඉන්දියානු නාවික හමුදාවේ ශර්දා නෞකාව පසුගියදා (23) නවීන සැහැල්ලු හෙලිකොප්ටරයක් ද රැගෙන කොළඹට සේන්දු විය.

    ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන “ශර්දා” නෞකාවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් යතිෂ් බඩෝටියා මහතා බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඒ. යූ. සී. ද සිල්වා මහතා හමු විය.

    ඉන්දියානු රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සාගර” නෞකාව සඳහා අමතර කොටස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඒ. යූ. සී. ද සිල්වා මහතා වෙත භාරදෙන ලදී.

    මෙම අමතර කොටස් ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස 2022 මාර්තු 24 වැනි දින නෞකාවේ පැවති උත්සවයක දී ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී. 

    නිසි කාලයට අමතර කොටස් ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවේ ප්‍රශස්ථ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවස්ථාව ලබා දෙනු ඇති.

    එසේම මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදිත ටොන් 10ක රළ පැදුම් බෝට්ටුවක් සීෂෙල්ස් ආරක්ෂක හමුදා වෙත භාරදීමට නියමිතය.

    ඉන්දියානු නාවික හමුදාවේ මෙම ප්‍රයත්නයන් මිත්‍රශීලී අසල්වාසි රාජ්‍යයන් සමඟ සිය සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා “මිත්‍රත්වයේ පාලම්”ගොඩනැගීමේ මූලික සංකල්පය අනුව ක්‍රියාවට නැංවේ.

    Latest News