තානාපති ජුලි චං හා අධ්‍යාපන ඇමති අතර හමුවක්

මාර් 28, 2022

    ශ‍්‍රී ලංකාවේ, අමෙරිකානු තානාපති ජූලි චං (Julie Chung) හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් පසුගියදා (24) ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

    අමෙරිකානු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අතර අන්තර් සබඳතා, භාෂා අධ්‍යයන අවස්ථා, තොරතුරු තාක්ෂණික සහාය ලබාදීම සහ වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
    දැනට ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන අධ්‍යයන අවස්ථා වැඩිදියුණු කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වඩාත් ප්‍රතිලාභ ලබාදීම කෙරෙහි මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
    එමෙන්ම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීම, ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයට තවත් අධ්‍යයන අවස්ථා, පුහුණු සහාය ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අමෙරිකා එක්සත් ජනපදයේ තොරතුරු තාක්ෂණ අංශ සමඟ සබඳතා පවත්වා ගෙන යාම පිළිබඳව ද සාකච්ඡා විය.

    Latest News