ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනයේ වර්ධනයක්....

මාර් 30, 2022

    පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේකෂව මෙම වසරේ පෙබරවාරි මාසයේ, ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය 9.91%කින් වර්ධනය වී ඇති බව, ශ්‍රී ලංකා රේගුව පවසනවා.

    එය, අමෙරිකානු ඩොලර් මිලියන 1,046 දක්වා ඉහළ යාමක්. එමෙන්ම එය 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂව, 5.8%ක වැඩිවීමක්. ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ දත්තවලට අනුවයි, මෙය හෙළිවී තිබෙන්නේ. මෙම වසර ආරම්භයේ සිට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14 සීමාවක අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබෙනවා.

    එය, පසුගිය වසරේ සිට අඛණ්ඩ ඩොලර් බිලියන 1 ඉක්මවූ 09වැනි මාසය ද වනවා. මෙම පෙබරවාරි මාසයේදී නිදහස් වෙළෙඳ ගිවිසුම් හමුල්කරුවන් වෙත අපනයනය, සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් 7.2% ක් වනවා. එය, 23.4%කින් අමෙරිකානු ඩොලර් මිලියන 84.26 ක් දක්වා වැඩවීමක්. මීට අමතරව, ඉන්දියාව, පකිස්තානය අදී රටවලට සත්ව ආහාර, ගම්මිරිස්, වියන ලද රෙදි, ඇඟලුම් ආදියේ අපනයන ද වර්ධනය විමක් දක්නට ලැබේ.

    Latest News