ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

අප්‍රේ 02, 2022

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 02 අප්‍රේල් 2022 09:16

    Latest News