කොවිඩ් සුව වූ අයෙකුට, රුධිර කැටි ගැසීමේ ඉහළ ප්‍රවණතාවක්...

අප්‍රේ 07, 2022

    කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයෙකුට රුධිර කැටි ගැසීමේ තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව, නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

    වෛරසය ආසාදනය වී මාස 6කට පසු මේ තත්වය දැඩි වශයෙන් පෙන්නුම් කෙරෙන බවයි, වාර්තා වන්නේ. කොවිඩ් පසු රෝග ලක්‍ෂණ පිළිබඳ ස්විඩන් විද්‍යාඥයන් සිදු කළ අධ්‍යයනයකින් මේ බව හෙළි වී තිබෙනවා. එම අධ්‍යයනයට අනුව, ගෝලීය පළමු කොරෝනා රැල්ලේ දී වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට මේ තත්වය වැඩි වශයෙන් පවතින බවයි, වාර්තා වන්නේ. කෙසේ වුවද, ඉහළ එන්නත්කරණ අනුපාතයක් පවතින රටවල වෛරසය ආසාදනය වූවන්ට, මේ තත්වය දරුණු බලපෑම් ඇති කර නොමැති බව පෙනී ගොස් තිබෙනවා.

    Latest News