දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරිත්වය ආරක්ෂා කරනු වස් දිවිපිදු, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සහ අනුස්මරණය කිරීම උදෙසා සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් කි‍්‍රයාත්මක කරමින් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරෙයි.
රණවිරු විජයග්රහණයට දස වසරක් සපිරෙන මෙම 2019 වසරේ දී රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
රණවිරු සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින් ඒ හා සමගාමී ව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා විසින් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවීය.
2018 වසරේ රණවිරු කොඩි ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙහි දී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා එය රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා වෙත භාර දුන්නේ ය.
ඉන් අනතුරුව 2019 රණවිරු කොඩි ජනාධිපතිතුමා අතින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාර කෙරිණි.