පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ කොන්දේසි දෙකක් යටතේ මෙම තීරණය තමන් ගත බවයි.
එම පළමු කොන්දේසිය ලෙස තමන් මෙම අප්‍රේල් මාසය සඳහා පමණක් එම ධුරයේ රැඳී සිටින බව රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
අනෙක් කොන්දේසිය ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ තමන් ඉල්ලා අස්වීම භාරදුන් අප්‍රේල් 05 වනදායින් පසුව නියෝජ්‍ය කතානායක ධුරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිත නොකරන බවයි.