රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙක් අතුරුදහන්...

අප්‍රේ 12, 2022

    කොත්මලේ රම්බොඩ දිය ඇල්ලේ දිය නැමට ගිය තරුණයන් තිදෙනෙකු දිය ඇල්ලේ සැඩපහරට හසුවී අඅතුරුදහන් වි තිබෙනවා.

    වවුනියාවේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක පිරිසක් (11) දින නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ඇති අතර, ආපසු වවුනියාව දක්වා යන අතරතුර අද (12) දින පස්වරු 3.30 ට පමණ රම්බොඩ දිය ඇල්ලේ දිය නැමට ගොස් ඇති තිබෙනවා. එකවරම රම්බොඩ දිය ඇල්ලේ සැඩ පහර වැඩි වි තරුණයන් පිරිස ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්තාවේ ඉන් තරුණයන් සිව්දෙනෙකු බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි සදහා යෙදවා ඇති ජිවිත ආරක්ෂක භටයින් සමත්වී ඇති බවයි වාර්තා වන්නේ.

    අතුරුදහන් වු තරුණයන් තිදෙනා සොයා පොලිස් ජිවිත ආරක්ෂක නිලධාරින් මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිසිය පවසනවා. රම්බොඩ දිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග රම්බොඩ දිය ඇල්ලේ ජල පහර මෙසේ එකවරම වැඩි වි තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Last modified on අඟහරුවාදා, 12 අප්‍රේල් 2022 17:50

    Latest News