අද සිට දින 3ක් විදුලි කප්පාදුවක් නැහැ

අප්‍රේ 13, 2022

    අද (13) හෙට (14) හා අනිද්දා (15) දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    ලබන 16 හා 17 දිනවල පැය 2යි විනාඩි 15 ක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. ලබන 18 වැනි දින සිට ක්‍රමානුකූලව විදුලි කප්පාදුව අඩු කිරීමට ද සැලසුම් කර ඇති බවයි, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ.

    මේ අතර පවතින වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ඊයේ දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 26% ක් ජල විදුලියෙන් උත්පාදනය කර තිබේ. 

    Latest News