කිලෝ 300ක හෙරොයින්, කිලෝ 25ක අයිස් හමුදා භාරයට

අප්‍රේ 13, 2022

    ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී දේශීය බෝට්ටුවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25 ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහෙයුම සිදුකර ඇත්තේ, නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සමග එක්වයි.

    ඒ අනූව මත්ද්‍රව්‍ය තොග, පුද්ගලයන් හය දෙනා සහ විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රාව මේ වන විට ගාල්ල වරයාට ගෙනැවිත් තිබෙන බවයි, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසන්නේ.

    Latest News