අගමැතිතුමාගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

අප්‍රේ 18, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

    ජනතාවට වගකියන රජයක් බිහිකිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ඉල්ලීම් අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට ලක්වී තිබෙනවා. ඉදිරියේදී විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා එතුමා බලාපොරොත්තු වනවා. එම සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතා අපේක්‍ෂා සත්ෂාත් කර ගැනීමට හැකි වනු ඇති බව, අග්‍රාමාත්‍යතුමාගේ බලාපොරොත්තුව බව, අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News