බෝනොවන රෝග පිළිබඳ දුරකථන සමික්ෂණයක්

මාර් 06, 2019

     බෝනොවන රෝග පිළිබඳ සමීක්ෂණයක් ජංගම දුරකථන ඔස්සේ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු ආරම්භ කර තිබේ.

    ඒ අනුව 1995 දුරකථන අංකය හඳුන්වා දී ඇත. මෙහිදී 1995 අංකයෙන් ජංගම දුරකථනය වෙත ලැබෙන පටිගත කරන ලද ඇමතුමට පිළිතුරු සැපයීමෙන් ඔබට ද මේ සඳහා දායකත්වය ලබාදිය හැකියි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් මෙම සේවාව ක්‍රියාත්මකයි. පටිගත කරන ලද හඩපටයක් මගින් මෙහිදී ප්‍රශ්න 20ක් ඉදිරිපත් කෙරෙන අතර මීට වැය වන්නේ මිනිත්තු 5- 7 අතර කාලයක් පමණි. පිළිතුරු සැපයීම සිදුකල යුත්තේ පිළිතුරට අදාළ අංකය යෙදීම මගින් පමණි.

    ස්ථාවර දුරකථන අංක වෙත මෙම ඇමතුම නොලැබෙන අතර සති අන්තයේ දිනවල හා රජයේ නිවාඩු දිනවල මෙය ක්‍රියාත්මක නොවේ. මෙම සමීක්ණයට සහභාගී වීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම් නැවත ඔබට ඇමතුම් නොලැබේ. මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොවේ. එමෙන්ම ඔබේ වයස හැර වෙනත් කිසිදු පුද්ගලික තොරතුරක් ලබා නොගන්නා අතර, සපයන සියලු තොරතුරු වල සුරක්ෂිතභාවය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂා කෙරේ.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 10:55

    Latest News