අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අප්‍රේ 23, 2022

    අද (23) දිනයේ ද පැය තුනකට අධික විදුලි කප්පාදුවක් සිදුකරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    ප්‍රධාන කලාප දෙකක් යටතේ පැය 3යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව, එම මණ්ඩලය සදහන් කළේය.

    ඒ අනූව A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සදහා පෙරවරු 9.00ත් පස්වරු 5.00ත් අතර කාලය තුළ පැය 2ක කාලයක් සහ පස්වරු 5.00ත් රාත්‍රී 9.00ත් අතර පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

    එමෙන්ම, P,Q,R,S,T,U,V,W යන කලාය සදහා ද පෙරවරු 9.00ත් පස්වරු 5.00ත් අතර පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම්කර තිබේ. එම කලාප සදහා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 20ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

    download

    Latest News