ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පවසන්නේ, අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සළකා ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
අද උදෑසන සිට කොළොන්නාව - නිමාව ඉන්ධන ලබා ගැනීම සදහා බවුසර් රථ විශාල සංඛ්‍යාවක් පැමිණ අති අයුරු දැක ගත හැකිවිය. දුර බැහැර ප්‍රදේශවලට ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය ද අදත් ක්‍රියාත්මකයි.
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කිසිඳු වෘත්තීය ක්‍රියා මාර්ගවලින් තොරව සිදු කරන බව ඛනිජ තෙල් සේවකයින් සහ බවුසර් රථ රියදුරන් ප්‍රකාශ කරයි.