වටරැක රැඳවියන් අරගලයට පැමිණි බවට චෝදනා අසත්‍යයයි

මැයි 10, 2022

    ගාලු මුවදොර ජන අරගලයට පහරදීමට ඊයේ පැමිණි පිරිස අතර වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ද සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

    ඔහු කියා සිටියේ වටරැක බන්ධනාගාරයේ සිට කොළඹ ඉදිකිරීම් සමාගම් කිහිපයක සේවයට පැමිණි පිරිසකට කඩුවෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පහරදී ඇති බවයි.

    වටරැක බන්ධනාගාරයේ රැඳවියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩහටහනක් ලෙස ඔවුන් කොළඹ පිහිටි ඉදිකිරීම් වැඩබිම්වල වැඩ සඳහා රැගෙන යන බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට යම් මුදලක්ද ලබාදෙන බවයි තුෂාර උපුදෙනිය සඳහන් කළේ.

    රැඳවියන් 181 දෙනෙකු ඉදිකිරීම් වැඩබිම්වලට යොදවා තිබූ අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 58 දෙනෙකු අතුරුදහන්වී ඇති බවත් ඔවුන්ට කිසිඳු හානියක් නොකර ළඟම ඇති පොලීසියට භාරදෙන ලෙසයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුදෙනිය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News