ගෑස් බෙදීම ප්‍රමාදයි.. ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි

මැයි 18, 2022

    බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇති බැවින් අද (18) දිනයේ ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි.

    ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසන්නේ, අයහපත් කාලගුණය හේතුවෙන් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට බාධා මතුව ඇති බවයි. 

    කෙසේ වෙතත් මීට පෙර සමාගම දැනුම් දුන්නේ, මුදල් ගෙවන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2,800ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑම ඊයේ (17) දිනයේ ආරම්භ කළ බවත් ඒ අනුව අද සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවත් ය. 

    Latest News