ගෝලීය මානුෂීය අභියාචන සැලසුම සඳහා සාකච්ජා

ජූනි 08, 2022

    ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ ගෝලීය මානුෂීය අභියාචන සැලසුම අවසන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා එක්සත් ජාතීන්ගේ මෙරටට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය සමඟ  පසුගියදා (06) සාකච්ඡා පැවැත්විණ.

    ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රමාණවත් ආහාර සහ ඖෂධ ලබා දීම සඳහා මාස හතරකට ඇතුළත් ඩොලර් මිලියන 48කට ආසන්න මුදලක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමුවී ඇත.

    කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සඳහා ඩොලර් මිලියන 34.5 ක් ද, කාන්තාවන් සහ ළමයින්ගේ සෞඛ්‍ය සඳහා ඩොලර් මිලියන 8 ක් ද, පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දීම ඇතුළුව ළමුන්ගේ ආරක්ෂාව සඳහා ඩොලර් මිලියන 4.8 ක් ද වෙන් කිරීමට සැලසුම් කර ඇත.

    Latest News