මෙරටට ජලභීතිකා එන්නත් තොගයක්

ජූනි 08, 2022

    එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාවට ජලභීතිකා එන්නත් තොගයක් පරිත්‍යාග කර තිබේ.

    එහි වටිනාකම අමෙරිකානු ඩොලර් විසි අට දහසක්. මෙම ජල භීතිකා එන්නත් තොගය 'Save a baby' සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත බාර දෙනු ලැබීය.

    එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇන්ඩ් ඩෙන්ටල් ඇසෝසියේෂන් සංවිධානය, සේරුවිල මංගල රාජ මහා විහාරය, ශ්‍රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, 'Save a baby' සංවිධානයේ සාමාජිකත්වය දරයි.

    ඔවුන් මෙරටට පරිත්‍යාග කළ එන්නත් සංඛ්‍යාව පන්දහසක්.

    Latest News