දුෂ්කර පාසල් 40කට පුස්තකාල පොත්....

ජූනි 11, 2022

    කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහ විඥාපන විද්‍යා අධ්‍යයන අංශය මගින් කැකිරාව සහ ඇලහැර ප්‍රදේශවල දුෂ්කර පාසල් 40කට පුස්තකාල පොත් ප්‍රදානය පසුගියදා සිදුකෙරුණා.

    කැලණිය විශ්වවිද්‍යාලය දියත්කරන පුස්තකාල පොත් ප්‍රදානයේ දෙවැනි වැඩසටහන මෙයයි. කැකිරාව, පලාගල කොට්ටාසය සහ ඇලහැර කොට්ඨාසයේ දුෂ්කර පාසල් සඳහා මෙහිදී පොත් ප්‍රදානය කෙරුණා. වැඩසටහන හඳුන්වනු ලගබන්නේ "නේත්‍රා" නමින්.

    කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ අධීක්ෂණය යටතේ වැඩසටහන ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහ විඥාපන විද්‍යා අධ්‍යයන අංශාධිපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය එම්.කේ. වීරසිංහ මහතා ඇතුළු පිරිසක් පොත් ප්‍රදානයට එක්ව සිටියා.

    Latest News