පොසොන් පොහොය නිමිත්තෙන් අමතර දුම්රිය 09ක් ධාවනයට...

ජූනි 11, 2022

    එලැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය 09ක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

    ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි කොළඹ කොටුවේ සිට අනුරාධපුර පුදබිම වෙත ගමන්ගන්නා බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇත.  

    ඒ අනුව, 

    • 2022-06-12 දින අළුයම 12.40ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය එදිනම (12) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.

     

    • 2022-06-12 දින පස්වරු 09.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය 2022-06-13 දින කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.

     

    • 2022-06-13 දින පෙරවරු 03.30ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය 2022-06-14 දින රාත්‍රී කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.

     

    • 2022-06-13 දින පෙරවරු 04.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය 2022-06-14 දින ආපසු කොළඹ කොටුව දක්වා පැමිණෙනු ඇත.

     

    • 2022-06-13 දින පෙරවරු 08.50ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන  දුම්රිය එදින සවස කොළඹ කොටුව දක්වා ධාවනය වනු ඇත.

     

    • 2022-06-13 දින පස්වරු 04.42ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය 2022-06-15 දින කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.

     

    • 2022-06-13 දින පස්වරු 06.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය 2022-06-15 දින අලුයම කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.

     

    • 2022-06-13 දින අළුයම 12.40ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය එදිනම රාත්‍රී අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කෙරෙනු ඇත.

     

    • 2022-06-13 දින පස්වරු 09.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය 2022-06-15 දින උදෑසන කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.

    Latest News