ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ අමෙරිකානු තානාපතිනි අතර විශේෂ සාකච්ජාවක්...

ජූනි 13, 2022

    ශ්‍රී ලංකාවේ චීන තානාපති, කී සෙන් හොංග් සහ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් අතර විශේෂ සාකච්ජාවක් අද පැවැත්වුණා.

    එහිදී අවධානය යොමු කෙරුණේ, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතාවන් මඟහරවා ගැනීමට දෙරටේ සහයෝගය ලබාදීම සම්බන්ධවයි. චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ සඳහන් වන්නේ, තානාපතිවරුන් දෙපළ, මෙහිදී දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන පුළුල් ක්‍ෂේත්‍ර පිළිබඳව සුහද කතාබහක නිරත වූ බවයි. එහිදී චීන හා අමෙරිකානු තානාපතිවරුන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුද පිළිබඳවත්, දෙරටේ සහයෝගය තුළින් එම දුෂ්කරතා මඟහරවා ගතහැකි ආකාරය පිළිබඳවත් සාකච්ජා කර තිබෙනවා....

    Latest News