ගම්පහ සහ යක්කලට ජල කප්පාදුවක්

ජූනි 15, 2022

    ගම්පහ සහ යක්කල ප්‍රදේශවලට අද පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව පස්වරු 2.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ ගම්පහ මහනගර සීමාව, කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියේ සිට අලුත්ගම – බෝගමුව පල්ලිය පාර දක්වා ප්‍රදේශවලට යි.

    මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබෙන්නේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ යක්කල පාලමේ ජලනල පද්ධතිය අලුත්වැඩියා කිරීම නිසාය.

    Latest News