විදුලි අර්බුදයට විකල්ප ජනන යන්ත්‍රයක් නිපදවූ ගම්පොළ විකුම් සම්පත්...(වීඩියෝ) 

ජූලි 04, 2022
  • මේ දිනවල පවතින විදුලි අර්බුදය හේතුවෙන් විකල්ප විදුලි ජනන ක්‍රම සෙවීමට තරුණයින් පෙළඹිලා ඉන්නවා.

    ඒවා නවතම අත්හදා බැලීම් වීම විශේෂත්වයක්. රසදිය ඉන්ධනයක් ලෙස භාවිත කරමින් විදුලි ජනන යන්ත්‍රයක් නිපදවීම‍ට ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න තරුණයා සමත්ව තිබෙනවා. මිනිරන්වලින් සකස් කෙරුණු එන්ජිමකට රසදිය යොමුකර සෙල්සියස් අංශක 300ක පමණ උෂ්ණත්වයක් යටතේ ඒවා භ්‍රමණය කිරීම මගින් උත්පාදනය වන චුම්භක ක්ෂේත්‍රය පදනම් කර ගෙන කිලෝ වොට් 07ක ටර්බයිනයක් කරකැවීමෙන් මෙම විදුලිය නිපදවන බවයි, විකුම් සම්පත් පවසන්නේ.

    මෙමගින් සිය නිවසේ සියලු විදුලි අවශ්‍යතා සපුරාගැනීමට ඔහු සමත්ව සිටිනවා. වසර 6ක පමණ කාලයක් ඒ පිළිබඳව පර්යේෂණ කළ බවයි, ඔහු පවසන්නේ. විකුම් මීට පෙර අවස්ථාවකදී ඉවතලන යකඩ, වීදුරු සහ ප්ලාස්ටික් වෙන්කර හඳුනාගෙන වෙන් වෙන්ව ප්‍රතිචක්‍රීයකරණයට යොමු කළ හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කළ තරුණයෙකු ද වනවා.

    Latest News