ජනතා ඉල්ලීම් රැකියා - දෙන්නේ කෙසේද; අමාත්‍ය නවීන්

මාර් 11, 2019

    ආර්ථික ප්‍රශ්න තිබිය දී කිසිදු කප්පාදුවකින් තොරව ජනතා සහන ලබාදීමට කටයුතු කිරීම ජයග්‍රහණයක් ලෙස දකින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩ වැටුණා කීම අසත්‍යක්. 113 හදාගන්න නොහැකි වූ අය ආර්ථිකය ගැන කතා කරනවා. අද සැබෑ ආර්ථික තත්ත්වය තේරුම් ගත යුතුයි. අප දැඩි ණය උගුලක සිටිනවා. පසුගිය රජය අධික ණයක් යටතේ ව්‍යාපෘතිවලට ගත් මුදල් අපට ගෙවන්න වෙලා. අප කිසිදු සුදු අලි ව්‍යාපෘතියක් ආරම්භ කර නෑ. ණය ප්‍රශ්නය අනාගත දරුවන්ට වග කියන්න ඕන. මිනිස්සුන්ගේ ඉල්ලීම් රක්ෂා. මෙයට මුහුණ දෙන්නේ කෙසේද? රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කළේ නැත්නම් රටට අනාගතයක් නෑ. එය අප කළ යුතුයි. එය ජනප්‍රිය නොවන කරුණක් වෙයි.

    බිලියන 778ක් රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වෙන් කර තිබෙනවා මෙවර අය-වැයෙන්. ඉතාම අමාරු ආර්ථික තත්ත්වයක් තිබෙනවා. ආර්ථික ප්‍රශ්න තිබිය දී ජනතා සහන කිසිදු කප්පාදුවකින් තොරව ලබාදීමට කටයුතු කිරීම ජයග්‍රහණයක් ලෙස දකිනවා. සියලු සහන ජනතාව වෙත ලබා දෙනවා. ආදායම් හා වියදම අතර පරතරයක් තිබෙනවා. මෙයට අප ක්ෂණික විසඳුමක් සෙවිය යුතුයි. මේ ප්‍රශ්නය සම්බන්ධව වෙනම කමිටුවක් පත් කිරීමට අවශ්‍යයි යැයි අමාත්‍යවරයා පැවසී ය.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 20:29

    Latest News