ජිල්මාට් වෙනුවට ස්මාර්ට් ආර්ථිකයක් ;අමාත්‍ය කබීර්

මාර් 11, 2019

    රටේ අපනයනය වර්ධනය කළ බවත් විවෘත ආර්ථිකය වෙනුවට සමාජ වෙළඳපොළ ආර්ථිකය ඇති කිරීමට බිය නොවූ බව මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට අද (11) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා... මහින්ද රාජපක්‍ෂ පාලනය රට ණය ආර්ථිකයක් බවට පත් කළා.

    2015 වන විට රුපියල් කෝටි හතකට වඩා රට ණය වී තිබුණා. අපනයනය දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 33% සිට සියයට 13% දක්වා අඩු වුණා. අපට අවශ්‍ය වුණේ ස්මාර්ට් ආර්ථිකයක්. එහෙත් පසුගිය පාලනය ජිල්මාට් ආර්ථිකයක් ඇති කළා. වත්මන් රජය යටතේ රජයේ රැකියා ලබාදී තිබෙනවා.

    රටේ අඩුම විරැකියා ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ 2018 තුන්වන කාර්තුවේ දී. පසුගිය කුමන්ත්‍රණය නිසා රුපියල් බිලියන 72ක ආදායමක් රටට අහිමි වුණා. විවෘත වෙළඳපොල වෙනුවට සමාජ වෙළඳපොල ආර්ථිකයක් අපි 2015 ඇති කිරීමට කටයුතු කළා. රටේ අපනයනය 12% සිට 18% දක්වා වර්ධනය කළා.

    අය-වැයෙන් රජයේ සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහන ලබාදී තිබෙනවා. අපි ඩිජිටල් ආර්ථිකයකට අඩිය තබන අවස්ථාවක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 20:14

    Latest News